― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඑක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් අනතුරු ගැන පුළුල් විමර්ශනයක්

එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් අනතුරු ගැන පුළුල් විමර්ශනයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සහ ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සදහා අදාළ ආයතනවලින් සාක්ෂි ලබා ගැනීමට ‘ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී’ පසුගියදා තීරණය විය.

අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මහතාගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව පළමුවරට 2023.6.20 දින රැස්වූ අවස්ථාවේදී ඉදිරිවැඩකටයුතු පිළිබද මූලික කරුණු සාකච්ඡා කිරීම සිදුවිය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධව සහ ඊට අදාළ නඩුපැවරීම, පරිසර හානිය සහ යම් දූෂණ වංචාවක් සිදුවූයේ ද යන්නත් මීට අදාළ කටයුතු කරන රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රගතිය පිළිබදවත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව කමිටු සභාපති අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසීය. එසේම අනාගතයේ මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සහ එවැනි හදිසි තත්ත්වයකට මුහුණ දීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද නිර්දේශයන් ද මෙම කමිටුව ලබා දීමට කටයුතු කරන බවද සභාපතිවරයා පැවසීය.

තවද කමිටුවේ අවධානයට ලක්විය යුතු කරුණු පිළිබඳව මහජනතාවගේ අදහස් ලබා ගැනීමට සති දෙකක කාලයක් ලබාදීමටත් ඊට අදාළ පුවත්පත් දැන්වීම් පළ කිරීමටත් මෙහිදී තීරණය විය.

එසේම විශේෂ කාරක සභාව ලබන 27 වැනි අගහරුවාදා ප.ව 2.00 ට නැවත රැස්වීමට ද මෙහිදී තීරණය විය.

රාජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු මහාචාර්ය ජී .ඇල් පීරිස්, ගරු ආචාර්ය සරත් වීරසේකර, ගරු නිරෝෂන් පෙරේරා, ගරු නිමල් ලන්සා, ගරු අකිල එල්ලාවල, ගරු නාලක බණ්ඩාර කෝට්ටගොඩ සහ ගරු මධුර විතානගේ යන මහත්ම මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූහ. එසේම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජනකාන්ත සිල්වා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.