27.2 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඕමානයට එරෙහිව ශ්‍රී ලංකාව තරග බිමට

ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාව තරග බිමට

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය අද (23) පැවැත්වීමට නියමිතය.

ඒ ඕමාන කණ්ඩායමට එරෙහිවයි. තරගය මෙරට වේලාවෙන් අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතය.

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ සිය පළමු තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරදවා ශ්‍රී ලංකාව ලකුණු 175කින් ජයගත්තේය.

එම ජයත් සමග ශ්‍රී ලංකාව මේ වනවිට බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවෙයි.

ඕමානය සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේ මේ දක්වා සහභාගී වූ තරග දෙකම ජයගනිමින් එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර පැවති තරග දෙකේදී ඕමානය, අයර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පරාජය කිරීමට සමත් විය.

ඕමාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක දුලිප් මෙන්ඩිස් කටයුතු කරයි.