22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 100ක ලොතරැයි දිනුමක්

ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 100ක ලොතරැයි දිනුමක්

විදෙස් මාධ්‍යය ලොතරැයි දිනුමකින් ඩොලර් මිලියන 100ක ජයක් ලැබූ පුවතක් වාර්තා කර තිබෙනවා. ඒ ඔස්ට්‍රේලියාවෙනි.

ඕස්ට්‍රේලියාවේ දිනුම් අදින ලද Powerball ලොතරැයියේ ඩොලර් මිලියන 100ක පළමු ත්‍යාගය මෙලෙස හිමිකරගෙන ඇත්තේ සිඩ්නි නගරයේ පදිංචිකරුවෙකි.

මෙම ලොතරැයි ජයග්‍රහණය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දෙවන විශාලතම ජයග්‍රහණය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මීට පෙර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු 2019 වසරේදී ඩොලර් මිලියන 107ක ලොතරැයි ජයග්‍රහණයක් හිමිකරගෙන ඇති අතර එය එරට විශාලතම ලොතරැයි ජය ලෙස සැලකෙයි.

තමන් ලද ලොතරැයි ජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ පුද්ගලයා පවසා ඇත්තේ එම මුදල භාවිත කර නිවසක් මිලදී ගැනීම සිය පළමු අරමුණ බවය.