― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකසිප්පු ඉල්ලා නිවසට පැමිණි තරුණයා අවසන් ගමන් යවලා

කසිප්පු ඉල්ලා නිවසට පැමිණි තරුණයා අවසන් ගමන් යවලා

පසුගිය 21 වැනිදා රාත්‍රී කාලයේදී දෙහිඕවිට, කනන්ගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන නිවසකට පැමිණ මත්පැන් ඉල්ලා සිටි අවස්ථාවේදී එම නිවසේ හිමියා සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේදී එම පුද්ගලයා විසින් නිවෙස් හිමියාට පහරදීමට උත්සාහ කර ඇති අතර එහිදී සැකකරු විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමෙන් පසු නිවස පිටුපස ඇති ඇලකට ඇද දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 26ක පුද්ගලයෙක්. මෙම අපරාධය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු වූ 57 හැවිරිදි වියේ පසු වූ අයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සඳහා යොදාගත් බව කියන උල් පිහියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර තිබේ.

දෙහිඕවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.