28.9 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතර ටියුෂන් ගුරුවරයා යළි රිමාන්ඩ්

කළුතර ටියුෂන් ගුරුවරයා යළි රිමාන්ඩ්

කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගී වූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින උපකාරක පන්ති ගුරුවරයා ලබන ජුලි මස 7 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ. සැකකාර උපකාරක පන්ති ගුරුවරයා කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.

කළුතර උතුර ප්‍රදේශයේ උපකාරක පංතියක් පවත්වන සැකකරු දැරියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

සිද්ධියට අදාළ නඩුව ලබන ජුලි මස 07 වනදා යළි කැඳවීමට නියමිතයි.