26.7 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැලණි පාලම අධි ආරක්ෂිත කලාපයක් කිරීමට යෝජනාවක්

කැලණි පාලම අධි ආරක්ෂිත කලාපයක් කිරීමට යෝජනාවක්

නව කැලණි පාලම අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මත්කුඩුවලට ඇබ්බැහි වූවන් පාලම අනතුරට ලක්වන අයුරින් ඇණ මුරිච්චි ගලවාගෙන යාම හේතුවෙනුයි මෙම යෝජනාව ගෙනවිත් ඇත්තේ.

මීට අමතරව මෙම ප්‍රදේශයට පොලිස්, හමුදා මුර සංචාර හා පොලිස් මුරපොළක් යෙදවීමටත් තීරණය කර ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් පෙනවා දී ඇත්තේ කුඩුවලට ඇබ්බැහි වූවන් නව කැලණි පාලමේ යටින් රිංගා දිගින් දිගටම ඇණ ගලවන බවයි.

මෙමගින් නව කැලණි පාලම අනතුරුදායක තත්ත්වයකට පත්විය හැකි බවයි ඔවුහු අවධාරණය කරන්නේ. එමෙන්ම මත්කුඩුවලට ඇබ්බැහි වූවන් කටුනායක අධිවේගී මාර්ගයේත් තඹ කම්බි, ඇණ මුරිච්චි හා විදුලි රැහැන් කපාගෙන යන බව අනාවරණය වී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ රුපියල් මිලියන 286ක් වටිනා තඹ කම්බි මේ වනවිටත් කපාගෙන ගොස් ඇති බවයි.