29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදස හැවිරිදි සිසුවියකට 08 වරක් හදි කරලා

දස හැවිරිදි සිසුවියකට 08 වරක් හදි කරලා

කොළඹ ප්‍රසිද්ධ කාන්තා විදුහලක ඉගෙනුම ලබන දස හැවිරිදි සිසුවියක් අවස්ථා 8කදී බරපතළ අන්දමින් දූෂණය කර ඇති බව පොලීසිය පවසයි.

දූෂණයට ලක්වී ඇති සිසුවියගේ හැසිරීමේ වෙනසක් දුටු පන්ති භාර ගුරුවරිය දැරියව වැල්ලම්පිටිය පොලිසිය වෙත රැගෙන ගොස් ඇති අතර දැරියගේ සිරුරේ ඇතැම් ප්‍රදේශ දුම්වැටිවලින් පුළුස්සා ඇති ආකාරයද පොලීසියේදී දැක තිබේ.

වැල්ලම්පිටිය පොලිසිය මගින් දැරිය සම්බන්ධයෙන් ලබාගත් අධිකරණ වෛද්‍ය වාර්තා අධිකරණය හමුව ඉදිරිපත් කර ඇති අතර එම වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගෙන දැරිය මව භාරයේ රෝහල්ගත කරන ලෙසයි අධිකරණය නියම කර ඇත්තේ.

ඒ අනුව දැරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබේ.

දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කිරීමේදී අනාවරණය වී ඇත්තේ දැරිය අවස්ථා 8කදී පමණ බරපතළ අන්දමින් දූෂණයට ලක්වී ඇති බවයි. එමෙන්ම දැරියගේ ශරීරයේ ඇතැම් ස්ථාන දුම්වැටිවලින් පුලුස්සා ඇති බවට සලකුණු දක්නට ලැබෙන බව අධිකරණ ​වෛද්‍ය වාර්තාවෙහි සඳහන්ය.

පොලීසිය විසින් දැරියගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී දැරිය ප්‍රකාශ කර ඇත්තේ කොළඹ පිහිටි පාසලක සිසුවෙක් තමන් මෙලෙස දූෂණයට ලක් කර ඇති බවයි. ඒ අනුව එම පාසලේ අදාළ නම සඳහන් සියලු සිසුන් පොලිසිය වෙත කැඳවා දැරියට පෙන්වා තිබෙන නමුත් දැරිය විසින් අදාළ සිසුවා හඳුනා නොගත් බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව මෙම දැරිය දූෂණය කරන ලද පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය පොලිසියට නියම කර තිබේ.