26.1 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශබන්දුගේ පෙත්සම් 02ක් සඳුදා කැඳවයි

දේශබන්දුගේ පෙත්සම් 02ක් සඳුදා කැඳවයි

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන සඳුදා (26) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළා.

මෙම තීන්දුව අද (23) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ එම තීන්දුව ප්‍රකාශ කිරීම ලබන සඳුදා දිනයේ සිදුකරන බවයි.

මේ අතර ඉකුත් වසරේ මැයි මස 09 වනදා ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස තමන්ව නම් කරන ලෙස දන්වා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති ලිපියක් බල රහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ද අභියාචනාධිකරණය විසින් ලබන සඳුදා දක්වා කල් තැබුවා.