30 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිළිකා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය අක්‍රීයයි

පිළිකා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය අක්‍රීයයි

මහරගම පිළිකා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයේ පරීක්ෂණ කටයුතු මාසයකට ආසන්න කාලයක සිට ඇණහිට ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරින්ගේ සංගමය පවසයි.

ඒ හේතුවෙන් පෙට් ස්කෑන් පරීක්ෂණ සඳහා යොමු කර ඇති රෝගීන් රැසක් දැඩි පීඩාවට පත්ව තිබේ.

පෙට් ස්කෑන් පරීක්ෂණ සඳහා යොමුවන රෝගීන්ට ලබා දෙන එෆ් ඩී ජී නැමති ඖෂධය නොමැති වීම ඊට හේතුව වී ඇති බවත් එවැනි පරීක්ෂණයක් පෞද්ගලික අංශයෙන් සිදු කිරීමට රුපියල් ලක්ෂ 3ක් පමණ වැය වන බවත් එහි සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේය.

කෙසේනමුත් මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර පැවසුවේ අදාළ ඖෂධ මේ වනවිට ඇණවුම් කර ඇති බවයි.