25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබාලවයස්කාර ශිෂ්‍යයෙකුට හදි කළ විහාරාධිපති හිමිනමක් අත්අඩංගුවට

බාලවයස්කාර ශිෂ්‍යයෙකුට හදි කළ විහාරාධිපති හිමිනමක් අත්අඩංගුවට

වැලිගම පොලිසිය ප්‍රකාශ කර සිටියේ, පිරිවෙනක නේවාසිකව අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් මිරිස්ස ප්‍රදේශයේ විහාරාධිපති හිමි නමක් සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

ළමා ආරක්ෂක අධිකාරිය වෙත වැලිගම පොලිස් වසමේ විහාරස්ථානක පවත්වාගෙන යන පිරිවෙනක නේවාසිකව අධ්‍යාපනය ලබන වයස 13 පමණ ශිෂ්‍යයකුට අවස්ථා කිහිපයකදි ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වනවා.

 වැලිගම පොලිසිය කියා සිටියේ, එ අනුව එම පිරිවෙනේ ගුරුභවතෙකු මෙන්ම මිරිස්ස ප්‍රදේශයේ වෙනත් විහාරස්ථානයක විහාරාධිපති ලෙස කටයුතු කරන වයස 48ක හිමිනමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ළමා ආරක්ෂක අධිකාරිය වෙත සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු සිදු කොට සැකකාර හිමිනම අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන ඇතැයි පොලිසිය කියා සිටියේය.