රත්තරන් කැබලි මුඛය තුළ සඟවාගෙන ඉන්දියාවට යාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම රත්තරන් කැබලිවල වටිනාකම ලක්ෂ හතළිහකට අධික බවයි.
ග්රෑම් 200ක පමණ බරින් යුක්ත මෙම රන් කැබලි ගෙන යාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනා මීගමුව සහ අකුරණ ප්රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ.