― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsලංවිම සේවකයන් 4000ක් ස්ථිර කෙරේ

ලංවිම සේවකයන් 4000ක් ස්ථිර කෙරේ

විදුලිබල මණ්ඩලයේ තාවකාලික පදනමින් සේවය කරන සේවකයන් 4000ක් පමණ ඉදිරියේදී ස්ථිර කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

දැනට විදුලිබල මණ්ඩලයේ මානව සම්පත් සමීක්ෂණය සිදුකෙරෙන බැවින් එම මණ්ඩලය ස්ථිර කිරීම කල් දැමූ බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

කෙසේ වෙතත් ඉදිරි මාස කිහිපය තුළ විදුලිබල මණ්ඩලයේ සේවයේ නියුතු පුද්ගලයින් ස්ථිර කරන බවද ඔහු සඳහන් කළේ.