27.8 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකාව කඩුළු 10කින් තරගය ජයගනී

ශ්‍රී ලංකාව කඩුළු 10කින් තරගය ජයගනී

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 10කින් ඕමානය පරාජය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 61ක් සහ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 37ක් ජයග්‍රාහී ඉලක්කය ඕවර 15 කදී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

පළමුව පන්දුවට පහර දුන් ඕමාන පිල ඕවර 30.2 කදී ලකුණු 98 කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ සමත් වීම විශේෂත්වයකි.

ඕමාන පිල ඕවර 30.2 කදී සියලු දෙනා දැවී 98 (ජටීන්ද්‍ර සිං 21, අයාන් ඛාන් 41, ළහිරු කුමාර 22/3, වනිඳු හසරංග 13/5) ශ්‍රී ලංකා පිල ඕවර 15 කදී කිසිවකු නොදැවී 100 (පැතුම් නිස්සංක නොදැවී 37, දිමුත් කරුණාරත්න නොදැවී 61)

ශ්‍රී ලංකා පිල පිට පිටම ලැබූ දෙවැනි මෙම ජයග්‍රහණය මෙයයි.