― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉරානයේ තෙල්වලට සිලෝන් ටීවලින් ගෙවන්න ලංකාව සැරසෙයි

ඉරානයේ තෙල්වලට සිලෝන් ටීවලින් ගෙවන්න ලංකාව සැරසෙයි

තෙල් සඳහා ගෙවිය යුතු ඩොලර් මිලියන 250 වෙනුවට ශ්‍රී ලංකාව ලබන මාසයේ දී ඉරානය සමඟ තේ හුවමාරු කිරීම ආරම්භ කිරීමට සූදානම් බව රොයිටර් සේවය වාර්තා කරනවා.

2021 දෙසැම්බරයේදී, ඉරානයේ වෙළඳ ප්‍රවර්ධන සංවිධානයේ ප්‍රධානී ඇලිරේසා පේමන්-පාක්,මෙරට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ සමඟ අත්සන් කළ ගිවිසුම අනුව, ඩොලර් මිලියන 251ක ණය පියවීම සඳහා මාසිකව ඩොලර් මිලියන 5ක තේ තොග හුවමාරුවක් සිදුවන බවයි එම පුවත් සේවය වැඩිදුරටත් කරණු වාර්තා කරන්නේ.

“මෙය අපට ඉතා කාලෝචිත වන්නේ අපට වැදගත් වෙළඳපලකට ප්‍රවේශය ලැබෙන නිසාත්, ඉරානයට සහ ශ්‍රී ලංකාවට ඩොලර් මත යැපීමෙන් තොරව වෙළඳාම් කළ හැකි නිසාත්” යනුවෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් රොයිටර් පුවත් සේවයට සඳහන් කර තිබෙනවා.

“ගිවිසුම වූයේ මාස 48කට සෑම මසකම ඩොලර් මිලියන 05ක් වටිනා තේ යැවිය යුතුයි, නමුත් අපි මසකට ඩොලර් මිලියන 2කින් පමණ ආරම්භ කිරීමට සැලසුම් කරනවා.” යනුවෙනුයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එක්සත් ජනපදය විසින් ඉරානයට පනවා ඇති සම්බාධකවලින් පසු මිලදී ගැනීම් අඩු වී ඇතත්, පසුගිය දශක කිහිපය තුළ ඉරානය ලංකා තේ ආනයනය කරන හොඳම තේ ගැණුම්කරුවන් දසදෙනා අතර පසුවනවා.

සම්බාධක මධ්‍යයේ වුවද භාණ්ඩ හුවමාරු ගනුදෙනු වැඩි කිරීමට ඉරානය උත්සාහ කරමින් සිටින බවයි වාර්තා වන්නේ.