25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා කිසිඳු බාහිර පාර්ශ්වයකට මුදල් ලබාදීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට දැනුම් දෙයි. 

දෙරට අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිවන බවයි එම කාර්යාංශය පැවසුවේ.

එලෙස ඊශ්‍රායලයේ රැකියා හිමිවූ තවත් පිරිසක් ලබන 26 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව තිබේ. 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ පසුගිය වසරේ අප්‍රේල් 28 වැනිදා සිට මේ දක්වා ශ්‍රී ලාංකික 389 දෙනෙකුට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා වරම් හිමිව ඇති බවයි