26.7 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportසිම්බාබ්වේ කණ්ඩායමට සුපිරි ජයක්

සිම්බාබ්වේ කණ්ඩායමට සුපිරි ජයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ අද (24) පැවැති තරගයකින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 35කින් පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කන්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 43ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 268ක් ලබාගත්තේය.

ලකුණු 269ක ඉලක්කය හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 233ක් පමණි.