28 C
Colombo
Wednesday, September 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසීතාවකපුර නගර සභාවේ නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ මගින් අත්අඩංගුවට

සීතාවකපුර නගර සභාවේ නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ මගින් අත්අඩංගුවට

අවිස්සාවේල්ල සීතාවකපුර නගර සභාවේ වැඩ බලන ලේකම්වරයා සහ ආදායම් පරීක්ෂකවරයා ල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 4ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී යි.

පැමිණිලිකරුගේ ව්‍යාපාරික හවුල්කාරියට හිමිවිය යුතු අවිස්සාවේල්ල බස් නැවතුම්පොලේ නව වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමරයේ උරුමය පවරා දීමටත් එම කඩ කාමරයේ පසු උරුමය පැමිණිලිකරු වෙත පවරා දීමටත් යන රාජකාරි කටයුතු ඉක්මනින් කරදීම සඳහා නගර සභාව තුළ දී අදාළ අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.