28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsෆේස්බුක් සාදයක් වටලා 12ක් අත්අඩංගුවට

ෆේස්බුක් සාදයක් වටලා 12ක් අත්අඩංගුවට

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධාන කර අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ කැලණි ගඟට මායිම්ව පිහිටි හෝටලයක් තුළ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් වටලා 12 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සාදය සංවිධානය කළ ප්‍රධාන සැකකරු ද ඊයේ (23) රාත්‍රී කළ වැටලීමෙන් අත්අඩංගුවට ගත් බවයි අවිස්සාවේල්ල පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් සමග ගංජා දුම්වැටි 11ක් , හෂිස් ග්‍රෑම් 20ක්, බියර් ටින් 24ක්, බියර් බෝතල් 13ක්, දේශීය සහ විදේශීය මත්පැන් බෝතල් 20ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ෆේස්බුක් ඔස්සේ සංවිධාන කළ මත්ද්‍රව්‍ය සාදයක් හෝටලයක් තුල පැවැත්වෙන බවට පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් අනුවයි වැටලීම සිදු කර ඇත්තේ.

එම හෝටලය වැටලීම සඳහා කැලෑබද මාර්ගය ඔස්සේ පොලිසිය යන අවස්ථාවේ මාර්ගයේ තැන තැන ලී කොට දමා බාධා මතු කර තිබු අතර ඊට අමතරව ඔත්තුකරුවන් ද යොදා තිබූ බව සඳහන්.

පිටත සිට බලන අයෙකුට හෝටලය තුළ සිදුවන කටයුතු නොපෙනීමට කෙසෙල් කොළ යොදා ආවරණය කර තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා.

පොලිසිය එහි සිටි සැකකරුවන් කිහිප දෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ එක් අයකුගෙන් රුපියල් 3500ක මුදලක් මෙම සාදය සඳහා අය කර තිබූ බවටයි.

අත්අඩංගුවට ගත් තරුණයන්ගෙන් 7 දෙනෙකු කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සෙසු පුද්ගලයන් බලංගොඩ, පන්නිපිටිය සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.