28.4 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ගාලු පාරේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ ලංකා බැංකුව අතර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී මෙම ඝාතනය සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳන් කළේ.

මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථ රියදුරෙක් ලෙසට කටයුතු කරමින් සිටි අයෙක්.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති අතර ඝාතනයට ලක්වී ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේම පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.

අප වාර්තාකරු සඳහන් කළේ ත්‍රී රෝද රියේ පිටුපස තිබී පවාහන් දෙකක් ද සොයාගෙන ඇති බවයි.

පුද්ගලයන් දෙදෙනෙකු නංවාගෙන ගමන් කරමින් සිටි අතරතුර ත්‍රී රෝද රථය ලංකා බැංකු ඉදිරිපිට නතර කර යතුරුපැදියකින් පැමිණි දෙනෙකු රියදුරුට වෙඩි තබා ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

වෙඩි තැබීමෙන් පසු යතුරුපැදිකරුවන් පළා ගොස් ඇති අතර ත්‍රී රෝද රථයේ පිටුපස සිටි දෙදෙනාද පළා යන්නට ඇති බවට ද පොලිසිය සැක කරනවා.

වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැක කරන අතර පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.