26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැළණියේ වෙඩි තැබීමේ තොරතුරු රැසක් හෙළිවෙයි

කැළණියේ වෙඩි තැබීමේ තොරතුරු රැසක් හෙළිවෙයි

කැළණිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ අද (25) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ දිප්පිටිගොඩ ප්‍රාථමික විද්‍යාලය අසල මාර්ගයක සිටි තිදෙනෙක් වන අතර, ඔවුන් අපරාධ කල්ලි සාමාජිකයා ‘දිප්පිටිගොඩ ළහිරු’ නැමැත්තාගේ කණ්ඩායමේ පිරිසක් බවට පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

වෙඩිතැබීම සිදුකර ඇත්තේ ‘කඩවත කල්ප’ නැමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ කණ්ඩායම විසින් බවයි හෙළිව ඇත්තේ.

මෙම වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

දෙපාර්ශ්වය අතර කලක සිට පවතින ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.