25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවැඩ සිටි පන්සල භාණ්ඩ සොරකම් කළ ගෝල හිමි පොලිස් අත්අඩංගුවට

වැඩ සිටි පන්සල භාණ්ඩ සොරකම් කළ ගෝල හිමි පොලිස් අත්අඩංගුවට

කටුගස්තොට, හල්ලොලුව සාරානාත් පිරිවෙන් විහාරස්ථානයේ තිබූ රුපියල් ලක්ෂ 15 කට අධික භාණ්ඩ සොරකම් කළ බව කියන එම විහාරස්ථානයේ ම හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම විහාරස්ථානයේ නායක හිමියන් විසින් පොලිසියට සිදුකළ ලද පැමිණිල්ලකට අනුවයි අදාළ ගෝල හිමිනම අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු හිමිනමගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී එලෙස සොරාගත් භාණ්ඩවලින් කොටසක් කටුගස්තොට ප්‍රදේශයේ පූජා භාණ්ඩ අලෙවිසැලකට විකුණා තිබිය දී සොයාගෙන තිබෙනවා.

තවත් කොටසක් එම ගෝල හිමිනමගේ ඥාතියෙකුගේ නිවසක සඟවා තිබිය දී සිය භාරයට ගත් බවයි කටුගස්තොට පොලිසිය පැවසුවේ.

පොලිසිය විසින් එලෙස සොයාගත් භාණ්ඩ අතර සුදු යකඩ පාත්තර 50ක්, පිත්තල පහන්, පිත්තල බන්දේසි, සිවුරු තොගයක්, පිරිවෙනේ ඉගැන්වීම් කටයුතු සඳහා උපයෝගී කරගන්නා බෆල් 24ක්, ශබ්ද පරිපාලන උපකරණ 05ක්, මීටර 200 වයර් රෝල් හතරක්, පිත්තල බුලත් තට්ටු ඇතුළු භාණ්ඩ රැසක් ඇතුළත්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.