27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපරාධකරුවන්ට හොර පාස්පෝට් හැදූ තිදෙනෙක් අත්අඩංගුවට

අපරාධකරුවන්ට හොර පාස්පෝට් හැදූ තිදෙනෙක් අත්අඩංගුවට

විවිධ අපරාධකරුවන්ට රටින් පැන යාමට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සකස් කළ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම සැකකරුවන් දෙදෙනා කඩවත ප්‍රදේශයේ දී පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මොවුන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ද සොයාගෙන ඇති අතර මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මොවුන්ට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙක්ද හෝමාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 52,54 සහ 58 යන වයස්වල පසුවන කිරිල්ලවල, පිළියන්දල සහ පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙම සැකකරුවන් තිදෙනා රැඳවුම නියෝග මත රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.