26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅස්වැසුම ප්‍රතිලාභ ගැටලු ජනපති පැමිණි පසු විසඳනවා

අස්වැසුම ප්‍රතිලාභ ගැටලු ජනපති පැමිණි පසු විසඳනවා

සුභසාධන ප්‍රතිලාභ ලැබිය යුතු සියලු දෙනාට ‘අස්වැසුම’ සුභසාධන වැඩපිළිවෙල තුළින් ප්‍රතිලාභ ලබාදීම රජයේ අපේක්ෂාව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊයේ (25) රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මේ අතර රජය සෑම විටම නම්‍යශීලිව කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා, අස්වැසුම සුභසාධන වැඩපිළිවෙලේ ඇති අඩුපාඩු හා ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු සාකච්ඡා කරන බවයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ වන විටත් මුදල් ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයා සමඟ සාකච්ඡා කර පැන නැගී ඇති ගැටළු විසඳීමට පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

මේ අතර අස්වැසුම වැඩසටහනට අදාළ අභියාචනා භාරගැනීමට ලබාදුන් කාලය ජූලි 10 දක්වා දීර්ඝ කළ බව රජය ඊයේ (25) දැනුම් දුන්නා. එමෙන්ම අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ අභියාචනා හෝ විරෝධතා දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පුද්ගලිකව භාරදිය හැකි පරිදි අදාළ නිලධාරීන් දැනුම්වත් කර ඇති බව ද වාර්තා වනවා.

මේ අතර අභියාචනා හෝ විරෝධතා ගොනුකිරීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා 1924 ක්ෂණික ඇමතුම් අංකය අද (26) සිට ලබන සිකුරාදා දක්වා පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා ක්‍රියාත්මකයි.