29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආනයනික බිත්තර වෙළෙඳසල්වල විකිණීම තහනම්

ආනයනික බිත්තර වෙළෙඳසල්වල විකිණීම තහනම්

දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් අඛණ්ඩව ආනයනය කරන බවත් ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර වෙනත් වෙළෙඳසල්වලට විකිණීම තහනම් බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසයි.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ එසේ පිටතට විකිණීම අනාවරණය වුවහොත් එළෙස විකුණන බේකරිවලට බිත්තර සැපයීම වහා නතර කරන බවයි.

පසුගියදා බේකරි හිමියෙකුට සපයන ලද බිත්තර තොගයක් ඔහුගේ සහෝදරයකුගේ වෙළෙඳසලකට විකිණීම සඳහා ලබා දීම සම්බන්ධයෙන් එම බේකරි හිමියාට බිත්තර සැපයීම වහා නතර කළ බවයි ඔහු එහිදී සඳහන් කළේ.

දේශීය බිත්තර මිල අඩු කිරීම, දේශීය බිත්තර හිඟය අවසන් වී මිල ස්ථාවර තත්ත්වයට පත් වන තුරු ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට හේතු වන බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.