― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalකොන්දේසි සහිතව කොළඹ වරායෙන් කොටසක් බංගලාදේශයට

කොන්දේසි සහිතව කොළඹ වරායෙන් කොටසක් බංගලාදේශයට

යම් කොන්දේසියකට යටත්ව කොළඹ වරායේ නිශ්චිතව හදුනාගත් ස්ථානයක් බංගලාදේශයට ලබාදීමට තමා එකඟ වූ බව වරාය නාවික හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉන්දියාව පකිස්ථානය පමණක් නොව බංග්ලාදේශය සමගද අප වෙළඳ සම්බන්ධතා පැවැත්විය යුතු පාර්ශවයක් ලෙස සලසකනවා. එම නිසා යම් කොන්දේසියකට යටත්ව කොළඹ වරායේ නිශ්චිත හදුනාගත් ස්ථානයක් බංගලාදේශයට ලබාදීමට මා එකඟ වුණා.

අපගේ ආණ්ඩුකාර මුසම්මිල් මැතිතුමා මාරුකරන්න එපා කියලා ජනාධිපතිතුමාට මම කිව්වා. හුඟාක් දේශපාලඥයන් මේ සඳහා සිංහල බෞද්ධයෙක්ම යෝජනා කරද්දි මම එහෙම කිව්වේ නැහැ. සැබෑ සංහිඳියාව ඇතිවන්නේ අපි එකිනෙකාට ගරු කිරීමට හා ඔවුන්ගේ දක්ෂතාවලට තැන දීම මගිනුයි.

චිතගොං වරාය ඉතා දියුණු වරායක් බවට නුදුරු අනාගතයේදී පත්වේවි. මේ අනුව ඔබට පෙනෙනවා ඇති අපි මුස්ලිම් රටවල් සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් පවත්වන බව. නමුත් මා මතක් කළ යුතුයි මීට කලකට පෙර අප මුස්ලිම් රටවල් සමග සම්බන්දතා පළුදුකරගත්තා. නමුත් දැන් අප සමග ඒ සම්බන්ධතා ඇති කර ගනිමින් සිටිනවා එය අපේ ආර්ථිකය නැවත ගොඩනැගිනීමට අත්‍යාවශ්‍යයි.