29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගංජා අපනයනයෙන් ලොකු ආර්ථික වාසියක් නැහැ

ගංජා අපනයනයෙන් ලොකු ආර්ථික වාසියක් නැහැ

ගංජා අපනයනයෙන් දැවැන්ත ආර්ථික වාසියක් ලබාගැනීමට හැකි බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය මේ බව සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ ගංජා නීතිගත කිරීමට විවිධ උත්සාහයන් පසුගිය වසර කිහිපය තුළ ඉතා සූක්ෂම අයුරින් ක්‍රියාත්මක වන බවට පෙනී යන බවයි අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් පවසා ඇත්තේ.

අන්තර්ජාතික ගංජා වෙළඳපොළ මේ වනවිට කඩාවැටී ඇති බව පවසන මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් දක්වා ඇත්තේ ලොව විශාලතම බහු ජාතික ගංජා සමාගම් වසර කිහිපයක සිට ඩොලර් බිලියන ගණනින් පාඩු ලබන බවයි.

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනය පහතින්.