31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගිලිහී ගිය ජාත්‍යන්තර සබඳතා යළි ගොඩනැගුනා - මුදල් රාජ්‍ය ඇමති

ගිලිහී ගිය ජාත්‍යන්තර සබඳතා යළි ගොඩනැගුනා – මුදල් රාජ්‍ය ඇමති

ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය සහ එහි දී සිදුකළ සාකච්ඡා හා සංවාද ඔස්සේ ගිලිහී ගොස් තිබූ ජාත්‍යන්තර සබඳතා යළි ගොඩනැගුන බවත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ගැටළුව විසඳීම හා යළි ගොඩනැගීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලෝක බලවතුන්ගේ පූර්ණ සහාය හිමිවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහි දී අමාත්‍යවරයා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබාගැනීම සඳහා සමාලෝචනය සැප්තැම්බර් මස මැද වන විට සිදු කෙරෙන බවත්, ඒ අනුව ඇති කරගත් එකඟතා ඇතුළු කරුණු සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව යි.

යම් යම් බාධා පැවතිය ද මේ සඳහා අධිෂ්ඨානශීලීව සුදානම් වෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා, රට වැටී ඇති ගැඹුරු ආර්ථික ආගාධයෙන් ගොඩඒමට යන මාර්ගය යම් යම් පිරිස් හා කණ්ඩායම් විසින් කඩාකප්පල් කිරීමට කටයුතු කළහොත් පසුගිය වසරේ ජූලි, අගොස්තු මාස වල තිබූ තත්ත්වයට රට යළි ගමන් කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය වන බවත් පැවසුවා.