30 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති යළි දිවයිනට

ජනපති යළි දිවයිනට

බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සිදුකළ නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද (26) උදෑසන 09.10ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ පැමිණීම වෙනුවෙන් අද අලුයම 05.30 සිට කටුනායක ගුවන්තොටුපොළ තුළ ඒ අවට ප්‍රදේශයේ සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ සදහා පොලිස් නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් ද යොදවා තිබුණා.