― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeSportනෙදර්ලන්තයට සුපිරි ජයක්

නෙදර්ලන්තයට සුපිරි ජයක්

ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ වටයේ අද නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 374ක් රැස්කරගැනීමට සමත්විය.

Brandon King පන්දු 81කදී ලකුණු 76ක් රැස්කරගැනීමට සමත්වු අතර අගනා ඉනිමක් ක්‍රීඩා කළ Nicholas Pooran හයේ පහර 6ක් සහ හතරේ පහර 9ක් සමග පන්දු 65කදී ලකුණු 104ක් රැස්කළා. Johnson Charles ලකුණු 54ක් රැස්කළ අතර වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Keemo Paul පන්දු 25කදී ලකුණු 46ක් රැස්කළේය.

නෙදර්ලන්තය ජයග්‍රහණය සදහා 375ක ඉලක්කයක් හඹා ගිය අතර සිය පන්දුවාර 50 374ක් ලබා ක් ලබා ගත්තා ඒ අනුව ලකුණු සමාන විම නිසා සුපර් ඔවරය යැවීමට සිදු වූ අතර පලමුව නෙදර්ලන්ත කණ්ඩායම් සුපිරි ඕවරයට මුහුණ දි පන්දු 6 දි ලකුණු 30ක් ලබා ගත්තේ සැබවින්ම එය සුපිරි ඕවරයක් කරමින්. එහිදි වෑන් බියර් පන්දු 6කදී ලකුණු 30ක් ලබා ගත්තේ ජේසන් හොල්ඩර්ට එරෙහිවයි.

කොදෙව් කණ්ඩායම සුපිරි ඕවරය අවසානයේ ලබා ගැනිමට හැකි වුයේ ලකුණු 8ක් පමණයි. ඒ අනුව තරගයේ ජය නෙදර්ලන්ත කණ්ඩායම හිමිකරගත්තා.