27.2 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොට්ටුව වට්ටන්න කිසිම ජගතෙක්ට බෑ

පොහොට්ටුව වට්ටන්න කිසිම ජගතෙක්ට බෑ

පොහොට්ටුව වට්ටන්න කිසිම ජගතෙකුට නොහැකි බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැලණිය ආසන බල මණ්ඩලයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදරියේදී පවත්වන ඕනෑම මැතිවරණයකදී පක්ෂය විසින් නම් කරන නායකයකුට සහාය ලබාදී රට හදන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.

එක ග්‍රාමසේවක වසමකින් සාමාජිකයන් 20ක් බැගින් එකතු කරගෙන මුලින්ම පොහොට්ටුව හැදූ බව පැවසූ අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ ඒ නිසා පොහොට්ටුව වට්ටන්න කිසිම ජගතෙකුට නොහැකි බවයි.