28 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැංකු නිවාඩුවෙන් ගනුදෙනුවලට බලපෑමක් නෑ

බැංකු නිවාඩුවෙන් ගනුදෙනුවලට බලපෑමක් නෑ

ජුනි 29 සිට ජූලි 03 දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් සඳහා ජුනි 30 වනදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා කාලය ලබාදීමට බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඊයේ (25) පස්වරුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙම කාලසීමාව තුළ බැංකු ගණුදෙනුවලට බලපෑමක් ඇති නොවන බවයි මහබැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කළේ. එමෙන්ම දේශීය තැන්පතුවල ආරක්ෂාව සහතික කර ඇති අතර පොළී සඳහා ද බලපෑමක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.