27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලක්ෂ 20ක දුරකතන සොරකම් කළ යුවලක් අල්ලයි

ලක්ෂ 20ක දුරකතන සොරකම් කළ යුවලක් අල්ලයි

සිය අනියම් බිරිද හා එක්ව යතුරු පැදියකින් ගොස් දුරකතන ඇමතුම්වල යෙදෙමින් මහ මග ගමන් ගන්නා පුද්ගලයින්ගේ දුරකතන සොරාගත් පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් බිරිද බව කියන කාන්තාව ලක්ෂ විස්සක් පමණ වටිනා ස්මාර්ට් දුරකතන 30ක් සමගින් අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මොනරාගල ප්‍රදේශයේ පදිංචිකාරියක වන 29 හැවිරිදි කාන්තාවක් සහ ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 27 හැවිරිදි පුද්ගලයෙකි.

දැඩි ලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය පානයට හුරු වී ඇතැයි කියන මෙම යුවළ හෙරොයින් පානය සඳහා මෙලෙස නවීන ජංගම දුරකතනය සොරාගෙන විකුණා ඇතැයි ද අනාවරණය වී ඇත.

සැකකරු ටැටූ ශිල්පියෙකු ලෙස කලක් කටයුතු කර ඇති අතර පසුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් පසු මෙලෙස සොරකම් සදහා පෙළඹී ඇතැයි ද අනාවරණය වී ඇත.