29.5 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවයඹ පළාතේ ගවයින් ප්‍රවාහන තහනම ඉවතට

වයඹ පළාතේ ගවයින් ප්‍රවාහන තහනම ඉවතට

ගවයන්ට වැළඳී ඇති සමේ ගැටිති රෝගය පාලනය කිරීම සඳහා වයඹ පළාත තුළ ගවයන් ප්‍රවාහනය තහනම් කරමින් පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කර තිබේ.

එම තහනම පසුගියදා (24) සිට ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පශු වෛද්‍ය බී.සී.එස්.පෙරේරාගේ අත්සනින් තහනම ඉවත් කරන ලද එම නිවේදනය නිකුත් කර තිබේ.

වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සමඟ පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.