27.2 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews01 වැනිදා හදිසි පාර්ලිමේන්තු රැස්වීමක්

01 වැනිදා හදිසි පාර්ලිමේන්තු රැස්වීමක්

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනාව විවාදයට ගැනීම සඳහා ලබන පළමු වනදා හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

මේ පිළිබඳව අවසන් තීරණය ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (27) පෙරවරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනාවේ විවාදයෙන් පසු එදින පස්වරුවේ ඒ පිළිබඳව ඡන්ද විමසීම සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම හදිසි පාර්ලිමේන්තු රැස්වීම හේතුවෙන් මේ සතියේ කොළඹ රැඳී සිටින ලෙසට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.