26 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsGSP+ සහනය දීර්ඝ කිරීමට රුමේනියාවේ සහාය

GSP+ සහනය දීර්ඝ කිරීමට රුමේනියාවේ සහාය

මෙරට අපනයන සඳහා GSP+ තීරුබදු සහනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සිදුකරන ඉල්ලීමට තම රට සහාය දෙන බව රුමේනියාවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ට්‍රයින් රිස්ටී සහතික වී තිබේ.

ඊයේ (25) අරලියගහ මන්දිරයේදී ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව, ආයෝජන සහ රැකියා ගැටලු‍ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවූ අවස්ථාවේදීයි ඔහු මේ බව සඳහන් කළේ.

එමෙන්ම රුමේනියාවේ අගනගරය වන බුකරෙස්ට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන්ද රුමේනියානු විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ට්‍රයින් රිස්ටී ශ්‍රී ලංකාවට ස්තූතිය පළකර ඇති බවයි වාර්තා වන්නේ.