27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරලියගහ මැදුර අසළ ගණිකා නිවාසයක් වටලයි

අරලියගහ මැදුර අසළ ගණිකා නිවාසයක් වටලයි

කොල්ලුපිටියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට කොල්ලුපිටිය පොලිසිය සමත් වී තිබේ.

පොලීසිය සඳහන් කළේ අරලියගහ මන්දිරයට මීටර් 75ක පමණ දුරින් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවයි.

මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද සෝදිසි වරෙන්තුවක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර එම අවස්ථාවේදී ගණිකා නිවාසයේ සිටි පාලිකාවන් දෙදෙනෙක් සහ තවත් තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරියන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට කියා සිටියේ ඔවුන් තිදෙනාටම ඇප ලබා දෙන ලෙසයි. නමුත් සැකකාරියන් තිදෙනාගෙන් දෙදෙනෙකුට එරෙහිව පැවැති පෙර වැරදි හේතුවෙන් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

පෙර වැරදි නොතිබීම හේතුවෙන් එක් සැකකාරියක් රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.