25 C
Colombo
Thursday, October 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආගමික නිදහස ආරක්ෂා කිරීමට කමිටුවක්

ආගමික නිදහස ආරක්ෂා කිරීමට කමිටුවක්

ආගමික නිදහස අහිමි කිරීම හා ආගමික කරුණු විකෘති කිරීම පිළිබඳ සොයාබැලීමට කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව බෞද්ධ, මුස්ලිම්, හින්දු, කතෝලික හා ක්‍රිස්තියානි ආගමික නායකයන් නීති ප්‍රවීණයන් මාධ්‍ය හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් නියෝජනය කරමින් අදාළ කමිටුව පත් කිරීමට අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

ආගමික නිදහස ආරක්ෂා කිරීම හා ආගමික ඉගැන්වීම් අපහාසයට ලක්කිරීම වැළැක්වීම සඳහා නෛතික විධිවිධාන හඳුන්වාදීමේ අවශ්‍යතාවය මත මේ කමිටුව පත් කිරීමටයි අනුමැතිය ලැබී ඇත්තේ.