27.2 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉතාලියේ රිය අනතුරකින් ලාංකිකයෙක් ජීවිතක්ෂයට

ඉතාලියේ රිය අනතුරකින් ලාංකිකයෙක් ජීවිතක්ෂයට

ඉතාලියේ නාපොලි නගරයේ සිදු වූ රිය අනතුරකින් 42 හැවිරිදි ලාංකිකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය 25 වැනිදා අලුයම 5 ට පමණ ලාංකිකයන් තිදෙනෙක් ගමන් ගත් එම මෝටර් රථය නාපොලි විඅ cඅපො ඩි මොන්ටෙ මාර්ගයේදි අධික වේගයත් සමග එහි රියදුරාට රථය පාලනය කර ගැනිමට නොහැකි වීමෙන් මාර්ගය අසළ තිබු කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් මියගිය පුද්ගලයා මෝටර් රථයේ පසුපස ආසනයේ ගමන් කර ඇති බවත් ආරක්ෂිත ආසන පටි පැළද නොසිටීම හේතුවෙන් මෙම මරණය සිදු වන්නට ඇති බව පරික්ෂණ සිදු කරන රථවාහන අංශ පොලිස් නිළධාරින් සැක කරයි.

මෝටර් රථය ගැටීමත් සමග එහි ස්වයංක්‍රීය වායු බැලුන් ක්‍රියාත්මක වීම හේතුවෙන් මෝටර් රථයේ ඉදිරිපස ගමන්ගත් අනෙක් ලාංකිකයන් දෙදෙනාට හානියක් නොමැති බවයි වාර්තා වන්නේ.