29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැනඩාවේ අධ්‍යාපන වීසා දෙනවැයි වංචා කළ 06ක් අත්අඩංගුවට

කැනඩාවේ අධ්‍යාපන වීසා දෙනවැයි වංචා කළ 06ක් අත්අඩංගුවට

කැනඩාවේ අධ්‍යාපන වීසා ලබා දෙන පවසා මුදල් වංචා කළ සැකකරුවන් 06 දෙනෙකු කොළඹ වංචා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරියන් 05 දෙනෙකු හා සැකකරුවෙකු මේ අතරට අයත්ය.

එම සැකකරු හා සැකකාරියන් සමඟ පරිගණක යන්ත්‍ර 03ක්, ලැප්ටොප් 03ක්, මුද්‍රණ යන්ත්‍ර 04ක්, ස්කෑන් යන්ත්‍රයක්, ව්‍යාජ තැන්පතු සහතික ගිණුම් ප්‍රකාශන, විවිධ පාස් පොත්, තානාපති කාර්යාල වෙත යැවීමට සකස් කර තිබූ වත්කම් සම්බන්ධ ලේඛන විවිධ නිල මුද්‍රා පොලිස් බාරයට ගෙන ඇත.

මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයක් අනුව කොටුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කඩවත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන ලැබූ එම මධ්‍යස්ථානය වටලා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරියන් වත්තල, රාගම, කැලණිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23 හා 68 අතර පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් සියලු දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.