28.4 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පොලී අනුපාතවලට බලපෑමක් නැහැ

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පොලී අනුපාතවලට බලපෑමක් නැහැ

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ජනතාවගේ බැංකු තැන්පතුවලට සහ පොලී අනුපාතවලට කිසිදු බලපෑමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහතික වෙයි.

රජය සිය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම මේ සතියේ එළිදැක්වීමට නියමිතය.

රජය පවසන පරිදි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම සෙනසුරාදා සහ ඉරිදා පාර්ලිමේන්තුවේදී සලකා බලනු ඇත.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ණය ආපසු ගෙවීම කල් දැමීම, පොලී අඩු කිරීම සහ ගෙවීමේ කාලය දීර්ඝ කිරීම වැනි ක්‍රියාමාර්ග සාකච්ඡා කර ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

තනි පුද්ගල තැන්පතු සහ EPF, ETF සහ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ වැනි සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමවලට අත නොතබන බවයි ඔහු අවධාරණය කළේ.