― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපොහොට්ටුවට ඕනේම විදියක ජනාධිපති අපේක්‍ෂකයෝ ඉන්නවා

පොහොට්ටුවට ඕනේම විදියක ජනාධිපති අපේක්‍ෂකයෝ ඉන්නවා

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඕනෑම මාදිලියක අපේක්‍ෂකයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කිරීමට ආසන්න කාලයේදී පොහොට්ටුවේ අපේක්‍ෂකයා නම් කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මීළඟ ජනාධිපතිවරණය 2024 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව පැවැත්වීමට නියමිත තිබීම නිසා එයට වසරකට වැඩි කාලයක් පැවතීම හේතුවෙන් අපේක්‍ෂකයකු නම් කිරීමට ඉක්මන් නොවන බවත් එම අවස්ථාවේදී රටට වඩාත් අවශ්‍ය අපේක්‍ෂකයා කවුද යන තීරණය ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.

එම අවස්ථාවේදී ආර්ථික නඟා සිටුවීම වඩා වැදගත් වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉතා දක්‍ෂ අපේක්‍ෂකයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව සිටින බවත් එසේ නැත්නම් ඒ අවස්වේථාදී ආරක්‍ෂාව සහ අනිකුත් කාරණා වැදහත් වුවහොත් ඒ සඳහාත් අපේක්‍ෂකයකු සිටින බවයි හෙතෙම සඳහන් කළේ.