― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබාලවයස්කාර දැරියක් අඹුකමට ගත් 23 තරුණයා අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් අඹුකමට ගත් 23 තරුණයා අත්අඩංගුවට

වයස අවුරුදු 15ක බාලවයස්කාර පාසල් සිසුවියක් සමඟ අඹුසැමි ඇසුරක් පැවැත්වූ බව කියන 23 හැවිරිදි තරුණයෙක් උදාසිරිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලුණුවිල, කිරිමැටියානවත්ත ප්‍රදේශයේ නිවසක දින කිහිපයක සිට බාලවයස්කාර දැරියක් සිටින බව පොලිසියට ලද දැනුම්දීමක් මත අදාළ නිවසට ගිය පොලිසිය සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන දැරිය පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අදාළ දැරිය තොඩුවාව ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් වන අතර ඇයගේ පියා ඔවුන්ව අතහැර ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. පසුව දැරියගේ මව වෙනත් පුරුෂයෙකු සමඟ ජීවත්වන්නට පටන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මාර්තු මාසයේ තොඩුවාව ප්‍රදේශයේ පැවති උත්සවයක දී දැරිය මෙම තරුණයා හඳුනාගෙන ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. පසුගිය දිනක දැරිය සහ මවගේ අනියම් සැමියා අතර ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව ඇය සිය ඇඳුම් බෑගය ද රැගෙන තොඩුවාව – ඉරණවිල ප්‍රදේශයේ පදිංචිව සිටින සැකකාර ප්‍රේමවන්තයාගේ සහෝදරියකගේ නිවසට ගොස් තිබෙනවා.

පසුව එම නිවසට පැමිණ ඇති සැකකාර ප්‍රේමවන්තයා එදින දැරිය අපහරණයට ලක්කර ඇති බවයි හෙළිව ඇත්තේ. ඉන් අනතුරුව මැයි මසයේ දී අදාළ බාලවයස්කාර දැරිය සැකකාර ප්‍රේමවන්තයාගේ නිවසට කැඳවාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔවුන් අඹුසැමියන් ලෙස ජීවත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ. පොලිස් භාරයට ගත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර පෙම්වතා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.