26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහාවංශය ලෝක උරුමයක් වෙයි

මහාවංශය ලෝක උරුමයක් වෙයි

යුනෙස්කෝ සංවිධානය විසින් මහාවංශය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

2023 ලෝක උරුම ලැයිස්තුව වෙත අලුතෙන් වාර්තා 64ක් එක්කර ඇති අතර ඒ අනුව සමස්ත ලෝක උරුම ලැයිස්තුවේ අංග සංඛ්‍යාව 494 දක්වා ඉහළ ගොස් තිබේ.

ක්‍රිස්තු පූර්ව 06වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය ආවරණය වන පරිදි මහාවංශයේ තොරතුරු ඇතුළත් බවයි මහාවංශය ලෝක උරුම ලේඛනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් යුනෙස්කෝ සංවිධානය පවසන්නේ.

ලොව දිගම නොබිදුණු ඵෙතිහාසික වාර්තාවලින් එකක් ලෙස මහාවංශය සැලකෙන අතර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ මඟින් ලේඛනයේ දක්වා ඇති කරුණුවල සත්‍යතාව තහවුරු වී ඇති බව යුනෙස්කෝ සංවිධානය පවසයි.