25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමාර්ග බාධකයේදි නොනවත්වා ධාවනය කළ කැබ් රථය සොයා පොලිස් පරික්ෂණ

මාර්ග බාධකයේදි නොනවත්වා ධාවනය කළ කැබ් රථය සොයා පොලිස් පරික්ෂණ

මාර්ග බාධකයේදි නොනවත්වා ධාවනය කළ කැබි රථයක් නවතා ගැනීම සදහා පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අහසට වෙඩි තබා තිබෙනවා.

වැලිගම පොලිස් වසමේ දෙණිපිටිය – මෝදර මාර්ගයේ දෙනිපිටිය මහා විද්‍යාලය අසල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් (26 ) දින රාත්‍රි ක්ෂණික මාර්ග බාධකයක් යොදා තිබිණි .

එ අනුව රාත්‍රි 10 :05 පමණ දෙණිපිටිය ප්‍රදේශයේ සිට මෝදර ප්‍රදේශය වෙත ධාවනය වෙමින් තිබූ කළු පැහැති ටාටා වර්ගයේ කැබි රථය පරික්ෂා කිරීම සඳහා නවතන ලෙස පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අණ කොට තිබූ බව පොලිසිය කියයි එහිදී අධික වේගයෙන් එය ඉදිරියට ධාවනය කොට තිබූ බවත් එය නවතා ගැනීම සඳහා රාජකාරියේ නිරත නිලධාරින් විසින් අහසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කොට තිබේ නමුත් එම කැබි රථය තවදුරටත් නොනවත්වා අධික වේගයෙන් ධාවනය කළ බව සදහන්. මෙම වෙඩි තැබීමෙන් කිසිදු දේපළකට හෝ පුද්ගලයකුට හානියක් නොමැති බවද පොලිසිය කියයි .

පලා ගිය කැබි රථය සොයා ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කොට තිබේ.