27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවේයන් නිසා පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකය වැසෙයි

වේයන් නිසා පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකය වැසෙයි

මේ වනවිට පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමා ඇති බව වාර්තා වෙයි.

එම ගොඩනැගිල්ලේ බිත්ති සහ වහලයට වේයන් විසින් හානි කිරීම නිසා මෙලෙස දැඩිසත්කාර ඒකකය වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම දැඩි සත්කාර ඒකකය වසර 50කට වඩා පැරණි ගොඩනැගිල්ලක ස්ථාපනය කර අතර එය දැඩි සත්කාර ඒකකයට සුදුසු තත්ත්වයක නොමැති බවයි.

මෙම ගැටළුව නිසා ශල්‍යකර්මවලට ලක් කරන රෝගීන්, රිය අනතුරුවලට ලක්වන රෝගීන් මෙන්ම බරපතළ තත්ත්වයේ පසුවන රෝගීන් සඳහා ඇඳන් වෙන් කිරීමේදී කාර්යාල මණ්ඩලය ද දැඩි අපහසුතාවකට පත් වන බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.