― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

මියගිය වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචි අංකය භාවිතා කරමින් වෛද්‍යවරයකු ලෙස පෙනී සිට පානදුර උතුර සරික්කමුල්ල ප්‍රදේශයේ ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සහ ඔහුට සහාය දැක්වූ කාන්තාවක් අත්අඩංගුවට බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි

එම වෛද්‍ය මධ්‍යස්ථානය තුළ තිබී ගබ්සා පෙති ඇතුළු රුපියල් කෝටියකට අධික වටිනා ඖෂධ තොගයක් පොලිස් භාරයට බවත් ඒ අතර කල් ඉකුත් වූ ඖෂධ තිබෙන බවත් පොලිසිය සඳහන් කරයි

වෛද්‍යවරයෙකුට තිබිය යුතු අවම සුදුසුකමක් වත් නොමැති පුද්ගලයකු වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් කුඩා දරුවන්ගේ සිට වයෝවෘද්ධ පුද්ගලයා දක්වා ප්‍රතිකාර ලබා දෙන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත.

එම බලකායේ පොලිස් සැරයන් (428) ජයලාල් සහ කාන්තා පොලිස් කොස්තාපල් (13090) රිහාරි මහත්ම මහත්මීන් අඹු සැමි යුවළක් ලෙස ප්‍රතිකාර ලබා ගැනීමේ මුවාවෙන් ගොස් වෛද්‍ය සහතිකයක් ද ලබාගෙන තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව එම වෛද්‍ය සහතිකයේ සඳහන් නිල මුද්‍රාවේ තොරතුරු වෛද්‍ය සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වර්ෂ 1968 දී ලියාපදිංචි වුවද එය සක්‍රීය ලෙස පවත්වාගෙන ගොස් නොතිබූ බවද අනාවරණය වී ඇත

ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කිරීමේදී ඒ ආකාරයෙන් වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයා මීට වසර එකහමාරකට පෙර මිය යාමෙන් අනතුරුව සැකකරු වෛද්‍යවරයකු ලෙස පෙනී සිට ප්‍රතිකාර ලබාදී ඇති බවට අනාවරණ වූ බව වැටලීම සිදු කළ පොලිස් නිලධාරියකු පැවැසීය

ඉංග්‍රීසි භාෂාව හැසිරවීම පමණක් සැකකරුට ඇති එකම සුදුසුකම බවට මේ වන විට තහවුරු වී ඇති අතර චීනයේන් උපාධියක් ලබාගත් බව පැවසුව ද ඒ බව තහවුරු කිරීම සඳහා සැකකරු අපොහොසත් වූ බව පොලිසිය කියයි

වෛද්‍ය මධ්‍යස්ථානයේ වටලා ඇති බවට සැකකරුගේ පවුලේ සමීප ඥාතීන්ට දැනගැනීමට ලැබීමත් සමගම ඔවුන් පැමිණ ඉල්ලන මුදලක් ලබා දෙන බව පවසා අල්ලස් ලබාදී සැකකරු මුදා ගැනීමට දැඩි පෙරැත්ත කල උසස් පොලිස් නිලධාරියකු පැවැසීය

ඔහු රෝගීන් පරික්ෂා කර සටහන් කරන ඖෂධ ලබා දී ඇත්තේ ද කිසිදු සුදුසුකමක් නොමැති කාන්තාවක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම සැකකාරිය විසින් හෙදියක් ලෙස කටයුතු කළ බවත් තවත් වරෙක ෆාමසියක කටයුතු කළ ප්‍රකාශ ලබා දුන් පොලිස් නිලධාරිනියක් පැවසුවාය

වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුගෙන් ප්‍රතිකාර පතා දරුවන් වැඩිහිටියන් බාල මහලු පුද්ගලයන් 18 කු වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ සිටි බව පොලිසිය කියයි

වැටලීම සඳහා පානදුර දිස්ත්‍රික් වෛද්‍ය ඊශා සමන් කුමාරි , සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු ද එක්වුහ

ඊට අමතරව කළුතර ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වන බුද්ධික ගංගොඩතැන්න හා අශෝක ඉන්දික මහත්වරුන් හායි ස්ථානයට පැමිණ ඖෂධ තොගය ඔවුන් භාරයට ගෙන වෛද්‍ය මධ්‍යස්ථානයට මුද්‍රා තැබූ බවද පොලිසිය සඳහන් කරයි