29.5 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණය ඇරඹෙයි

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණය ඇරඹෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සිදුකරමින් පවතින බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සමාගමේ සියයට 51ක කොටස් රජය සතුව පවත්වාගෙන යන බවයි.

විකුණන්න නෙමෙයි මේක ප්‍රතිව්‍යුහගත කරන්න රජය තීරණය කළේ, මීට මාස 8කට විතර ඉස්සර. දැන් ඒ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය අපි කරගෙන යනවා. රැකී රක්ෂා 6,000ක් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕනේ. අපේ තියෙන ලෑන්ඩින් සයිස් ටික ආරක්ෂා කරන්න නම් 49%ක් පමණයි කොටස් දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම 51%ක් ශ්‍රී ලංකාවේ තියාගන්න ඕනේ. එහෙම තමා කරන්න යන්නේ. එහෙම නැතුව කරන්න ක්‍රමයක් නෑ.

සාමාන්‍යයෙන් VIP පුද්ගලයින්ව දැඩි පරීක්ෂාවට ලක්වෙන්නේ නෑ. මේක ගතානුගතිකව තියෙන දෙයක්. එහෙම නම් කාලානුරූපීව අපිට ඕන නම් ප්‍රභූ පර්යන්තය රජය තීන්දුවක් ගන්නවා නම් අපිට නැතිකරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඕනේ නම් අහෝසි කරන්නත් පුළුවන්. පාර්ලිමේන්තුවේ කවුරුත් එකතුවෙලා කිව්වොත් ප්‍රභූ පර්යන්ත ඕනේ නෑ කියලා මම ඒකට එකඟයි.