― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsසහනාධාර නිසි පරිදි මහජනතාවට ලබා දීම වළක්වන නිලධාරින්ට එරෙහිව පියවර ගන්නවා -...

සහනාධාර නිසි පරිදි මහජනතාවට ලබා දීම වළක්වන නිලධාරින්ට එරෙහිව පියවර ගන්නවා – කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර

රජය ලබා දෙන සහන නිසි පරිදි මහජනතාවට ලබා දීම වළක්වන නිලධාරින්ට එරෙහිව පියවර ගැනීමට රජය අනිවාර්යෙන්ම කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (26) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“ අපි ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා වවුචර්පත් නිකුත් කළා. බොහෝ ප්‍රදේශවල ගොවීන්ට නිසි පරිදි වවුචර්පත් ලැබුනත් සමහර ප්‍රදේශවල තවම ලැබිලා නැහැ. ඒ වගේම ඉන්ධන සහනයත් සමහර ප්‍රදේශවල ගොවි ජනතාවට ලබා දීලා නැහැ. ගිණුම්වලට බැර කරන ලද මුදල් පවා ගොවින්ට විධිමත් පරිදි ලබා දීමට කටයුතු කර නැහැ.

මේ සියල්ල පසුපස ඉන්නේ රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන ප්‍රාදේශීය නිලධාරින් පිරිසක්. ඔවුන් රජයේ සේවකයින් පිරිසක් වුනත් එක් දේශපාලන පක්ෂයක වුමනාව මත කටයුතු කරන පිරිසක්. ඔවුන්ට වුවමනා වී තිබෙන්නේ රජයේ වැඩ පිළිවෙළ කඩාකප්පල් කර රජය ජනතාව අතර අපකීර්තියට ලක් කිරීමයි. රජයේ නිලධාරින්ට එක් එක් දේශපාලන පක්ෂ අනුව රාජකාරි කරන්න බැහැ. ඒ අය ඉන්නේ මහජනතාව හා රජය වෙනුවෙන් වැඩ කරන්න.

මොණරාගල ප්‍රදේශයේ සමහර ගොවීන්ට තවමත් පොහොර වවුචර්පත් ලැබී නැහැ. මම මේ ගැන හොයා බැලුවා. එම ප්‍රදේශවල නිලධාරින් කියන්නේ වවුචර් දැන් ලියන්න පටන් ගත්තලු. අනෙකුත් ප්‍රදේශවල වවුචර් දීලා පොහොරත් අරගෙන ඉවරයි.

දැන් අස්වැසුම වැඩපිළිවෙළ ගැන ඇති වී තිබෙන තත්ත්වයත් ඒ වගේ තමයි. සහනාධාර අවශ්‍ය පවුල් සම්බන්ධව නිවැරදිව තොරතුරු ලබා දීම ප්‍රාදේශීය වශයෙන් සිටින නිලධාරින්ගේ වගකීමක්.

අපේ රටේ මෙම වැඩ කටයුතු සඳහා උදව් විය හැකි නිලධාරි කණ්ඩායම් කිහිපයක් සිටිනවා. සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරු, ග්‍රාම නිලධාරිවරු මෙන්ම සමෘද්ධි නිලධාරින් වැනි විශාල පිරිසක් ඉන්නවා.

නමුත් ඒ අයගෙන් සමහරු තම රාජකාරිය නිවැරදිව ඉටු කරන්නේ නැහැ. මට තිබෙන තොරතුරු අනුව මේ අය කටයුතු කරන්නේ දේශපාලන පක්ෂයක අවශ්‍යතා මතයි. මේ නිලධාරින් ගැටලු නිර්මාණය කරනවා. ඊට පස්සේ මිනිස්සු උද්ඝෝෂණවලට කැඳවනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කරන්නේත් ඒ අයම තමයි.

ලුණම ප්‍රදේශයේ මෙවැනි නිලධාරි කණ්ඩායමක් ගැන මට වාර්තා වුනා. මම ඒ ගැන හොයා බැලුවා. ඒ නිලධාරින් කියනවා ලුණම අයිති මහවැලියට නිසා ඒ අයට වැඩ කරන්න බැහැ කියළා. එහෙම නම් ඒ අය ඉඳලත් වැඩක් නෑ නේ. ඒ නිසා වහාම ඒ අය දුරස්ථ ප්‍රදේශවලට මාරු කර යවන්න කියලාලා මම මම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා ”