26.1 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුදු මැස්සා මර්ධනයට පරපෝෂිතයෙක්

සුදු මැස්සා මර්ධනයට පරපෝෂිතයෙක්

පොල් සහ ආහාර බෝග වගාවන්ට දැවැන්ත තර්ජනයක් එල්ල කර කරමින් සිටින සුදු මැස්සාගේ උවදුර පාලනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පරපෝෂිතයෙක් සොයාගෙන තිබෙනවා.

මෙම පරපෝෂිතයා පොල් පර්යේෂණ ආයතනයට භාරදීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අද (27) සිදුකෙරුණා.

Encarsia guadeloupae නමැති මෙම පරපෝෂිතයා සුදුමැස්සගේ හානිය පාලනය සඳහා ස්වභාවිකව වර්ධනය වන පරපෝෂිතයෙක්.

මෙම පරපෝෂිතයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රසායනාගාරවල ගුණනය කිරීම මඟින් ගොවීන්ට නොමිලේ ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වුණේ.

කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, මඩකලපුව සහ හලාවත වැනි ප්‍රදේශවල සිදුකළ පර්යේෂණ මඟින් සුදු මැස්සාගෙන් සිදුවන හානිය 90% ක් දක්වා පාලනය කර ගැනීමට හැකි වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ මඟින් තහවුරු වී තිබෙනවා.