31.1 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසූදු ක්‍රීඩා නියාමනයට අධිකාරියක්

සූදු ක්‍රීඩා නියාමනයට අධිකාරියක්

සූදු ක්‍රීඩා නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ හරහා සූදු ක්‍රීඩා මගින් අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අය කර ගැනීම, සූදු ක්‍රියාකාරකම් හා සම්බන්ධ අපරාධ ක්‍රියා වැළැක්වීම, සූදු ක්‍රීඩා මගින් පුද්ගලයින්ට හා සමාජයට සිදු වන අයහපත් ප්‍රතිවිපාක අවම කිරීම වැනි කාර්යයන් සිදුකිරීමට අපේක්ෂිතය.

ඒ අනුව සියලුම සූදු ක්‍රීඩා ක්‍රියාකරුවන්ට බලපාන ලෙස සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය නමින් නියාමන ආයතනයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.